විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක් . . .

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ මියාන්ග් පිහි ඇණුමකට ලක්ව ඇත.

ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, දකුණු කොරියා විපක්ෂ නායක ලී ජේ මියාන්ග් බූසාන් නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මෙලෙස පිහි ඇණුමකට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ වම් ගෙල ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර විපක්ෂ නායකවරයා රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. රෝහල්ගත කරන විට ඔහු සිහි මද තත්ත්වයෙන් පසුවූ බවද පැවසේ.

විපක්ෂ නායකවරයාගෙන් සමරු සටහනක් ලබා ගැනීමට ඉදිරියට පැමිණි පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ල කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සදහන් කරයි.

ලී ජේ මියාන්ග් 2022 වසරේ ජනාධිපතිවරණයේ දී 0.73%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකින් පරාජයට පත්විය.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වීමට නියමිත අතර 2027 වසරේ ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රාහණය කරනු ඇති බවට අනාවැකි පළවේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වරාය නගරයට රෝහලක් . . .

Tue Jan 2 , 2024
ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිතය. 2023 අංක 8 දරණ කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග යටතේ මෙම ව්‍යාපෘතිය නිදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x