විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දමන ලෙස ඉල්ලා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමුකර තිබේ. මෙම පනත මේ මොහොතේ සම්මත වුවහොත් එමඟින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිෂන් සභාවට සහ විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් හිමිවන බවයි, එමඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ. […]

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ මියාන්ග් පිහි ඇණුමකට ලක්ව ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, දකුණු කොරියා විපක්ෂ නායක ලී ජේ මියාන්ග් බූසාන් නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මෙලෙස පිහි ඇණුමකට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ වම් ගෙල ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල කළ […]

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කළ යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත යුතු බවට මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇති බව දැනගන්නට ඇත. මේ පිළිබඳව පසුගිය දා පැවැති විශේෂ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණු […]

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක්  ලබන 9 සහ  10 යන දිනවලදී පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය. දෙදින විවාදයක් ලබාදෙන්නැයි  පාර්ලිමේන්තු කටයුතු  පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් […]

රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන් ගොන්නක් ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා කරමින් ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරෙක්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.