විපක්‍ෂ නායකකම නාමල්ට ? . . .

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කළ යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත යුතු බවට මෙම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇති බව දැනගන්නට ඇත. මේ පිළිබඳව පසුගිය දා පැවැති විශේෂ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී විවිධ පරස්පර අදහස් මතුව ඇති නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් දැඩි තීන්දුවක් මේ අවස්ථාවේ ගත යුතු යැයි ද මෙහිදී එම මන්ත්‍රීන් පිරිස යෝජනා කර ඇත.

නමුත් මේ අවස්ථාවේ පොදුජන පෙරමුණ විපක්ෂයේ අසුන් ගත හොත් ඉන් ආණ්ඩුවට බලපෑමක් ඇතිවිය හැකි නිසා මේ මොහොතේ එවැනි තීරණයක් ගැනීම සුදුසු නැති බව මෙහිදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් සිටින නිසා එය ඉතා ම පහසුවෙන් කළ හැකි කටයුත්තක් බවද එම නිසා මෙම තීන්දුව ගත යුතු බව ද මෙම කණ්ඩායම යෝජනා කර තිබේ.

මෙම තීන්දුව පිළිබඳ තවදුරටත් සලකා බැලිය යුතු යැයි ද ඊට ප්‍රථමයෙන් මේ පිළිබඳ පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ දැනුවත් කළ යුතු යැයි ද එමෙන් ම පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද මේ පිළිබඳ දැනුවත් කළ යුතු යැයිද මෙම මන්ත්‍රී පිරිසේ යෝජනාව වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට ඇමති ධූර ලබා නොදීම සිටීම සම්බන්ධයෙන් තීන්දුව ගත යුතු යැයි ද ඒ පිළිබඳ කනගාටු වන බව ද පසුගිය දා අදහස් දක්වමින් පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ සහ දිස්ත්‍රික් නායකයෙකු ප්‍රකාශ කර තිබිණි.

නමුත් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට ඒම පිළිබඳව තවදුරටත් සලකා බැලිය යුතු යැයි ද තවත් ඉතා කෙටි කලක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹිය යුතු යැයි ද මෙහිදී අදහස් ප්‍රකාශ වී තිබේ.

  •  Krishan Jayasuriya
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රතන හිමි පක්ෂ­යෙන් නෙර­පීම නීති විරෝ­ධියි . . .

Sat Oct 14 , 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීරණය කළේය. ඒ අනුව රතන හිමියන් පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එම පක්ෂය විසින් ගත් තීරණය බල රහිත කරන ලදි. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව අතුරලියේ රතන හිමියන් විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x