බොරතෙල් තොගය ගොඩබායි . . .

ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොහැකි විමෙන් දින 55 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ බොරතෙල් නෞකාවේ බොරතෙල් තොගය ගොඩබෑම ඊයේ (12) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

මෙම බොරතෙල් නෞකාවේ සැපයුම්කරුට මුදල් ගෙවීමට නව ක්‍රමවේකයකට එකඟ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහි අඩංගු බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 99,978 කි.

ඊට අමතරව දිවයිනට සේන්දු වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම ද ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසයි.

එලෙස ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පැමිණියේ අප්‍රේල් මාසයෙන් පසුවයි. ඉන් ගොඩබෑමට නියමිත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19,505 කි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොඳම නළුවා සම්මානය හත්දෙනාටම . . .

Sun Nov 13 , 2022
වියට්නාමයේ හැනෝයිහි පැවති හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලෙහි (Hanoi International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ “මාරියා” චිත්‍රපටයට, එහි “හොඳම නළුවාට” හිමි සම්මානය හිමිව තිබෙනවා. හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන ශිල්පීන් හත් දෙනෙක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x