මරණින් පසු වෙන දේ වෛද්‍යවරයෙක් හෙලිකරයි . . .

මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග්  පවසා ඇත.

ජෙෆ්රි ලෝන්ග් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ. තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කර තිබේ.

තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් පවසා ඇත. එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහනහිමියන්ට විශේෂ පණිවිඩයක් . . .

Thu Aug 31 , 2023
කූට ව්‍යාපාරිකයින් විසින් වාහන හිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස පැවසීය, “ජනතාවගෙන් සෑම කෙනෙක්ම වගේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් භාවිත කරනවා. මෙවට භාවිත කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳ පාරිභෝගික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x