නිර්වින්දන වෛද්‍යවරිය අතුරුදන් . . .

ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය දින කිහිපයක් තිස්සේ සේවයට වාර්තා කර නොමැති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් අදාළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රෝහල් බලධාරීන් වෙත කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවටය.

කෙසේ වෙතත් මේ වනවිට එම විශේෂඥ වෛද්‍යවරිය වෙනත් අයෙකුගේ වට්ස්ඇප් අංකයකින් රෝහල් බලධාරීන් වෙතට දැනුම්දීමක් සිදුකර ඇත්තේ නැවත සේවයට නොපැමිණෙන බවය.

පසුගිය සිකුරාදා දින සිට විශේෂඥ වෛද්‍යවරිය රෝහල වෙත වාර්තා නොකිරීම හේතුවෙන් මේ වනවිට ඇඹිලිපිටිය මහ රෝහලේ හදිසි ශල්‍යකර්ම නතරකිරීමට සිදුවීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ.

මෙම තත්ත්වය ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට සහ ශල්‍යාගාර දෙක සඳහා දැඩි බලපෑමක් එල්ලකර ඇතිබව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර මෙම රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරයෙකු 2022.10.01 දින විදේශගතව ඇත අනතුරුව 2023.04.10 දින තවත් නිර්වින්දන වෛද්‍යවරයෙකු විදෙස්ගතව ඇත.එම වෛද්‍යවරුන් මේ දක්වා යළි මෙරටට පැමිණ නොමැති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත මාරුකර යැවීමට සිදුව ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් . . .

Tue Sep 5 , 2023
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රදේශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x