එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. aruna

මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි. හිරු එළිය සම මතට […]

අවාරේ ශ්‍රීපාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළියෙ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ කියා සිටියේ, අවසරයකින් තොරව ශ්‍රී පාද කරුණ කළ හැකි බවට පසුගිය දිනවල පළමු මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි. පසුගිය 2022/2023 ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමග ශ්‍රී පාදස්ථානාධිපති […]

රත්නපුර ප්‍රදේශයේ මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණා දැමීමේ සූදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන් ගේ මහා සංගමය සහ ගොවිජන එකමුතුව සඳහන් කරයි. රත්නපුර මැණික් ව්‍යාපාරික ප්‍රජාව හා පතල්කරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් රත්නපුර නගර ශාලාවේ පැවති අවස්ථාවේදී ඔවුන් මෙම අදහස් […]

ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය දින කිහිපයක් තිස්සේ සේවයට වාර්තා කර නොමැති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙයි. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් අදාළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රෝහල් බලධාරීන් වෙත කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවටය. කෙසේ වෙතත් මේ වනවිට එම විශේෂඥ වෛද්‍යවරිය වෙනත් අයෙකුගේ […]

පොල්පිටිය, හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් කර තිබේ. කිලෝවෝට් 220ක සම්ප්‍රේෂණ පද්ධතියක් මෙලෙස ජාතික පද්ධතියට අද (24) උදෑසන සිට එක්කෙරුණු බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නන්දික පතිරගේ පවසයි. රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් හරහා රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා පැවති බාධක හේතුවෙන් අදාළ සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් […]

දිලීර රෝගයක් හේතුවෙන් ප්‍රදේශ රැසක සාදික්කා වගාව දැඩි අවදානමකට ලක්ව ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර පැවසීය. මහනුවර, කෑගල්ල, මාතලේ හා රත්නපුර දිස්ත්‍රික්කවල මෙම දිලීර රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අතර එය කඩිනමින් පාලනය නොකළහොත් දිවයින පුරා රෝගය පැතිර යාමේ අවදානමක් උද්ගතව පවතින බවත් රෝගය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් […]

රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද (23) අලුයම ගින්නක් හටගෙන තිබේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත. ගින්න කර්මාන්ත ශාලාවට පුරා පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී ඇත.  

දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) පස්වරුවේ පැවසීය. ගාල්ල, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රිකකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පසුගිය පැය 24 තුළ අධික වාර්ෂාවක් ලැබී ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මිලිටීටර 100 අධික […]

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කර තිබෙනවා. ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.