අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් කෙරේ . . .

අවාරේ ශ්‍රීපාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළියෙ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ කියා සිටියේ, අවසරයකින් තොරව ශ්‍රී පාද කරුණ කළ හැකි බවට පසුගිය දිනවල පළමු මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

පසුගිය 2022/2023 ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමග ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ උපදෙස් පරිදි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය පාදස්ථානයට පැමිණීම තහනම් කරනු ලැබුවා.

එහෙදි ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ කරුණා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අවාරේ අවාරේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමේදී  අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබඳව නල්ලතන්නිය සහ රත්නපුර  පොලිස් ස්ථාන දැනුවත් කළ යුතුයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිස්පති ධුරය ගැන තීරණයක් . . .

Mon Oct 2 , 2023
ඉදිරි සතිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත වනවා. ඒ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව තවත් දින හතරකින් අවසන් වීමට නියමිතව තිබෙනවා. පසුගිය ජුලි 09 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර මේ මස 09 වනදායින් එය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x