උතුරු දුම්රිය මාර්ගය ජලයෙන් යට වෙයි . . .

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව සිට කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගයේ වාලච්චේන හා පූනානි අතර දුම්රිය මාර්ගය අඩි එකහමාරක් පමණ උසට ජලයෙන් යට වී තිබේ. 

මේ හේතුවෙන් අද (10) උදැසන මඩකලපුවෙන් කොළඹ බලා ධාවනය වු දුම්රිය වාලච්චෙන දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබු අතර ගල්ඔය හන්දියේ සිට මඩකලපුව දක්වා ධාවනය වු දුම්රිය පුනානි දක්වා සීමා කිරීමට සිදුවු බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

මඩකලපුව දුම්රිය කොළඹ දක්වා ධාවනය නොවීම නිසා මඩකලපුව දුම්රිය අපේක්ෂාවෙන් කොළඹ බලා යාමට ත්‍රිකුණාමලය සිට දුම්රියෙන් ගල්ඔය හන්දියට පැමිණි මගීන්ට වෙනත් දුම්රියක් ධාවනය වනතුරු පැය ගණනාවක් බලා සිටිමට සිදු වූ බවයි වාර්තා වේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අඩාල වූ රෝහල් සේවාවන්ට යුද්ධ හමුදා සහය . . .

Thu Jan 11 , 2024
දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා භටපිරිස් යොදවා ඇත. ඒ අනුව බටහිර සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x