රත්නපුර මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණයි . . .

රත්නපුර ප්‍රදේශයේ මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණා දැමීමේ සූදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන් ගේ මහා සංගමය සහ ගොවිජන එකමුතුව සඳහන් කරයි.

රත්නපුර මැණික් ව්‍යාපාරික ප්‍රජාව හා පතල්කරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් රත්නපුර නගර ශාලාවේ පැවති අවස්ථාවේදී ඔවුන් මෙම අදහස් පල කලහ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත පතල් හා ඛනිජ පනත යන දෙකම අහෝසි කර විදේශිකයන්ට අවශ්‍ය ආයෝජන ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජාතික ගොවිජන පෙරමුණේ සභාපති අනුරාධ තෙන්නකෝන් එහිදී පැවසීය.

යුධ බිමේ සිට කැපී පෙනුණු දැනට විශ්‍රාමික හමුදා නිලධාරියෙනකු මේ වන විට තායිලන්තයේ මැණික් ව්‍යාපාරික සුපිරි කෝටිපතින් දෙදෙනකු සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව ද ඔහු පැවසීය.

මේ පසුපස හිටපු දේශපාලන ප්‍රබලයකු හා ඔවුන්ගේ පුතුන් ද සිටින බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සරත් වීරසේකරට ඇමරිකාවට ඇතුළුවෙන්න වීසා නොදේ . . .

Tue Sep 26 , 2023
පාර්ලිමේන්තුවේ සියලුම ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරු ලබන මස (ඔක්තෝබර්) විසි එක් වැනිදා සිට දින දහයක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර වෙනුවට වෙනත් නමක් නම් කරන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x