රත්නපුර ප්‍රදේශයේ මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණා දැමීමේ සූදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන් ගේ මහා සංගමය සහ ගොවිජන එකමුතුව සඳහන් කරයි. රත්නපුර මැණික් ව්‍යාපාරික ප්‍රජාව හා පතල්කරුවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් රත්නපුර නගර ශාලාවේ පැවති අවස්ථාවේදී ඔවුන් මෙම අදහස් […]

රට පුරා පිහිටි සියලුම විහාරස්ථාන හා දේවාලවල පින් කැටවලට වහාම රජය විසින් සීල් තැබිය යුතු යයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා මේ පිළිබඳව වහාම පියවර ගත යුතු බවත් විගණකාධිපතිවරයා හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විහාර හා දේවාලවලට ලැබෙන ආධාර විනිවිදභාවයකින් විගණනයක් සිදු කළ යුතු […]

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් භාරයේ තිබෙන රජය සතු ඉඩමක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය අනවසරෙන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී දිසාපතිවරයා වශයෙන් තමන් මැදිහත්වී එය නතර කිරීමට කටයුතු කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ සඳහන් කරයි. දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව කියා සිටියේ අනවසරෙන් නීති විරෝධීව රජයේ ඉඩම් අත්පත් කර ගැනීම නැවැත්වීම වෙනුවෙන් විශේෂ […]

මල ගෙදරකට විහාරාධිපති හිමියන් පාංශුකූලය දීම ප්‍රතික්ෂෙප කිරිම හේතුවෙන් මහා සංඝරත්නය නොමැතිව ගිහියෙක් විසින් පාංශුකූලය දී ඇත. ඒ දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම ප්‍රදේශයේ දීය. එහි දර්ශන පහතින්… Sewvandhi

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇත. එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් බැවින් මෙලෙස දේහය නැවත ඥාතීන් වෙත භාරදෙන ලෙසටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.  

දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම […]

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද 25 නියෝග කළේය. සැකකරු සාක්ෂිවලට බලපෑම් කළ බවට කරුණු අනාවරණය නොවන බැවින් මෙලෙස ඇප ලබා දීමට අධිකරණය නියෝග […]

ගාල්ල ක්‍රිකට් සමාජයේ උප සභාපති ලලිත් වසන්ත මෙන්ඩිස් නාඳුනන තුවක්කුකරුවන් විසින් පෙරේදා (සැප්. 23) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබේ. විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ ඔහු ගාල්ල නගරයේ නිමි ඇඳුම් වෙළෙඳසලක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ගාල්ල නගරයේ පිහිටි තම නිමි ඇඳුම් වෙළෙඳසල වසා දමා රාත්‍රියේ […]

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවට මෙරට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වර්ෂයේදී පළ කළ පුවතෙන් ජයසුමන ට  ඇති වූ සිත් තැවුල  සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය නුගේගොඩ දිසා අධිකරණයේදී  ජයසුමන ගෙන් අද ප්‍රසිද්ධියේ  සමාව ගත්තේය. එම […]

ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්‍ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක (38,203,407) මුදලක් අයවිමට ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වරෂයේ (2022) අවසන් වනවිට මෙකි මුදල අයවිමට තිබු අතර එකි ආයතන වෙතින් වියදම් අයකර ගැනිමේ නිශ්චිත ක්‍රමවේදයක් සහිත උපදෙස් ලබාදෙන ලෙස විභාගදේපාර්තමේන්තුව  මහා භාණ්ඩාගාරයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.