සරත් වීරසේකරට ඇමරිකාවට ඇතුළුවෙන්න වීසා නොදේ . . .

පාර්ලිමේන්තුවේ සියලුම ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරු ලබන මස (ඔක්තෝබර්) විසි එක් වැනිදා සිට දින දහයක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යයන චාරිකාවක නිරත වෙති.

ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර වෙනුවට වෙනත් නමක් නම් කරන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබේ.

තමන්ට මෙම චාරිකාවට සහභාගි වීමට විශේෂ කැමැත්තක් හෝ හේතුවක් නොමැති වුවද මේ අයුරින් වෙනස් ලෙස සැලකීමට අනුග්‍රාහකයාට අයිතියක් නොමැති බව සඳහන් කරමින් කථානායකවරයාට ලිපියක් යොමු කරන සභාපතිවරයා මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් නිල වශයෙන් විමසන්නේ නම් කෘතඥ වන බවත් සඳහන් කර තිබේ. ආංශික අධීක්ෂණ කාරක සභා දාහතක් ක්‍රියාත්මක වන අතර අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රි වී. රාධා ක්‍රිෂ්ණන්ය. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ගාමිණී වළේබොඩද ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි ඩී. වීරසිංහ ද කටයුතු කරයි.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙයි. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් සහ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ කාරක සභාවන්හි සභාපතිවරුන් වශයෙන් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ සහ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම කටයුතු කරති.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ඩිලාන් පෙරේරා සහ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සභාපතිත්වය දරන්නේ ප්‍රතිසංධානය හා ජාතික සමගිය සහ බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවන්හිය.

භාණ්ඩ හා සේවා අපනයන ඉහළනැංවීම පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වන්නේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණය. කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ලලිත් වර්ණකුමාර මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ කාරක සභාවේ ද රත්නපුර දිස්ත්‍රිත් මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යුක්ති ගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ කාරක සභාවේ ද සභාපතිවරු ලෙස කටයුතු කරති.

විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ කාරක සභාවේ සභාපති වන්නේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමිය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රාරච්චි විවෘත සහ වගකිව යුතු රජයක් පිළිබඳ කාරක සභාවේද කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය පිළිබඳ කාරක සභාවේද සභාපතිවරු ලෙස කටයුතු කරන අතර රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනි තලතා අතුකෝරල ළමයින්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පත් කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ආයතනය (USAID ) මෙම අධ්‍යයන චාරිකාව සංවිධානය කරයි.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බුත්තල පොලොව සෙලවේ . . .

Tue Sep 26 , 2023
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී 11.20ට පමණ රච්ටර් මාපක 2.4ක පමණ සුළු  භූකම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. පොළොව මතුපිට සිට කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ මෙම භූකම්පනය ස්ථාන හතරක සවිකර ඇති භූකම්පන මාන හතරෙහිම සටහන්ව ඇතැයි ද වාර්තා වේ. මෙම භූ කම්පනයෙන් වූ හානි  ගැන මෙතෙක් වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x