ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද නිවේදයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය : රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම රජයට අයත් ඇතැම්  වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට  ආණ්ඩුව ගණිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු  මහජනතාව අතර  නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක  […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ගේ එකඟතාවය මත මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා […]

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (04) නිකුත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මෙම නියෝගය දුන්නේය. ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව යම් තැනැත්තකුට එකවිට සභාපති හා අනුශාසක […]

වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලද විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් අද (09) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස ද ඔවුන්ට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට […]

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් අද (30) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු වැඩ භාර ගත් අතර උසස් පොලිස් නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියේය. ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්  ඊයේ (29) පත් කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ හුණුපිටිය ගංගාරම […]

කටුනායක ගුවන් තොටුපලට රහසිගතව ඇතුලු වී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක අසුන්ගෙන සිටිය දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි, අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කළේ ය. ඔහුව ඊයේ (01) වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් […]

පාර්ලිමේන්තුවේ සියලුම ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරු ලබන මස (ඔක්තෝබර්) විසි එක් වැනිදා සිට දින දහයක කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර වෙනුවට වෙනත් නමක් නම් කරන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය […]

ඉස්සර උතුරේ සබඳතා ගොඩනැගුනේ තමිල්නාඩුවත් එක්ක නමුත් දැන් උතුරු ඉන්දියාවත් එක්ක යම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් බලය රැකගැනීම සඳහා යළි කුමන වර්ගයේ හෝ  ගැටුමක් නිර්මාණය කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසනායක බදුල්ලේදී පැවසීය. ජාතික ජන බලවේගයේ අධිටන නමැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ බදුල්ල දිස්ත්‍රික් […]

ඇමති බලතල අතට ගෙන ක්‍රියා කරන ජීවන් තොන්ඩමන් මේ වනවිට දිගින් දිගටම ක්‍රියා කරන ආකාරය තුළ නැවත ජාතිවාදී කෝලහලයක් ඇති කිරීම සඳහා හිතමාතාම ඍජුව මැදිහත් වන්නේ දැයි බරපතළ සැකයක් මතුවී තිබේ. ඔහුගේ මෙම ක්‍රියාකාරීත්වය පිළබිඳව ආණ්ඩුවේ මාධ්‍යය ද සුදුහුණු ගාමින් වාර්තාකරණයේ යෙදෙන බව පැහැදිලි වී ඇත. මෙයට ආසන්නම හේතුව මාතලේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.