ගෝටාගේ පාරේ යන තොන්ඩා . . .

ඇමති බලතල අතට ගෙන ක්‍රියා කරන ජීවන් තොන්ඩමන් මේ වනවිට දිගින් දිගටම ක්‍රියා කරන ආකාරය තුළ නැවත ජාතිවාදී කෝලහලයක් ඇති කිරීම සඳහා හිතමාතාම ඍජුව මැදිහත් වන්නේ දැයි බරපතළ සැකයක් මතුවී තිබේ.

ඔහුගේ මෙම ක්‍රියාකාරීත්වය පිළබිඳව ආණ්ඩුවේ මාධ්‍යය ද සුදුහුණු ගාමින් වාර්තාකරණයේ යෙදෙන බව පැහැදිලි වී ඇත. මෙයට ආසන්නම හේතුව මාතලේ රත්තොට වැවිලි සමාගම යටතේ තිබෙන වතු යායක ගැටළුවක් සම්බන්ධයෙන් පාලන අධිකාරිය සමඟ නීතිය අතට ගෙන මැදිහත් වූ ආකාරය දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අන්දම ය.

“වැවිලි සමාගමක් සමඟ ඇමති ජීවන් හබයක: නිවාස අහිමි වූ පවුල වෙනුවෙන් පෙනී සිටී” යනුවෙන් සිරස්තලය යොදා තිබිණි. එම ප්‍රවෘත්තිය ලියූ වාර්තාකරුවෙක් හෝ ඡායාරූප ශිල්පීන් පිළිබඳව කිසිදු සඳහනක් නැතිව අද (22) පුවත්පතේ පළකර ඇත. නීතිය අතට ගෙන කඩා වැදුණු තොන්ඩමන් සම්බන්ධයෙන් දිනමිණ පුවත්පත සුදු හුණු ගාන ක්‍රියාමාර්ගයක යෙදී සිටින අතර අදාළ සිද්ධියට මුහුණ දුන් වතු අධිකාරි හමුදාවේ සිට විශ්‍රාම ගිය අයෙක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති පළ කර තිබිණි.

අදාළ වීඩියෝ පටවලින් දැක්වෙන්නේ ඇමති ජීවන් තොන්ඩමන් පමණක් නොව ඔහු සමඟ සිටි පිරිසක් ද වතු අධිකාරීවරයාට පහරදීමට සූදානම් වන බව ය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විවිධ අවස්ථාවල මේ ලෙස හැසිරෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අලුතින්ම කතා කරන පසුබිමක ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රට යන අයගෙන් උපාධියේ මුදල අය කරගැනීමට සැරසෙයි . . .

Tue Aug 22 , 2023
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනයවීමට එකම හේතු වී ඇත්තේ, කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට තුළ රැකියා නොමැතිවීම බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි. එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x