කිඹුලාවෙල මාර්ගය දෙපස ඉදිකර ඇති වීදි ආහාර අලෙවිසැල් සති දෙකක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස එම ව්‍යාපාරිකයන්ට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ. එම මාර්ගයේ වාහන ගමනාගමනයට මෙම වීදි ආහාර අලෙවි සැල් දැඩි බාධාවක් බව අධිකාරිය සඳහන් කරයි. තට්ටු කිහිපයක් සහිතව ද වෙලද සැල් සකස් කර ඇති බවත් පවසන අධිකාරිය […]

මෙතෙක් ගවේෂණය කර නොමැති සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමේ අරමුණින් අභ්‍යවකාශගත කර ඇති “චන්ද්‍රයාන් -3” නමැති ඉන්දීය අභ්‍යවකාශ යානය හෙට සඳ මතට ගොඩ බස්වමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ ප්‍රථම අභ්‍යවකාශ යානය ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය සියලු‍ කටයුතු යොදා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරයි. ”‍චන්ද්‍රයාන් -3 […]

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනයවීමට එකම හේතු වී ඇත්තේ, කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට තුළ රැකියා නොමැතිවීම බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි. එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් […]

ඇමති බලතල අතට ගෙන ක්‍රියා කරන ජීවන් තොන්ඩමන් මේ වනවිට දිගින් දිගටම ක්‍රියා කරන ආකාරය තුළ නැවත ජාතිවාදී කෝලහලයක් ඇති කිරීම සඳහා හිතමාතාම ඍජුව මැදිහත් වන්නේ දැයි බරපතළ සැකයක් මතුවී තිබේ. ඔහුගේ මෙම ක්‍රියාකාරීත්වය පිළබිඳව ආණ්ඩුවේ මාධ්‍යය ද සුදුහුණු ගාමින් වාර්තාකරණයේ යෙදෙන බව පැහැදිලි වී ඇත. මෙයට ආසන්නම හේතුව මාතලේ […]

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වූ ගායන ශිල්පිනි උමාරා සිංහවංශ ජාතික ගීය ගායනා කිරීමේදී ස්වර සහ උච්චාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිර්දේශ කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුව සිය වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය […]

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඒ අනුව හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඉහත අමාත්‍යංශ තුනේ […]

විදේශ මුදල් හුවමාරු පහසුකමක් ඔස්සේ 2021 වසරේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදලේ පළමු කොටස ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ගෙවූ බව බංගලාදේශ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල මෙම වසර අවසන් වන විට ගෙවා නිම […]

වර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වියයුතු බවත් භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කරගත යුතු බවත් ජල සම්පත් මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක පැවසීය. භූගත ජල මට්ටම අඩුවීම […]

දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක ඊයේ සවස හතරට පමණ හදිසියේ ඇති වූ බව කියන කිසියම් විෂ දුමාරයක් නිසා රෝගාතුර වූ සේවිකාවන් 30 පමණ වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ අය අතරින් යුතු […]

ශ්‍රී ලංකාවෙන් සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊයේ (අගෝ. 21) විවෘත කරන ලදී. ඕමානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෑත කාලීනව විශාල වශයෙන් සංචාරක වීසා යටතේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.