මාළු ගබඩාවේ විෂ දුමාරයක් . . .

දන්කොටුව හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක ඊයේ සවස හතරට පමණ හදිසියේ ඇති වූ බව කියන කිසියම් විෂ දුමාරයක් නිසා රෝගාතුර වූ සේවිකාවන් 30 පමණ වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මේ අය අතරින් යුතු පිරිසක් රාත්‍රිය වන විට පිටව ගොස් තිබුණු බවද රෝහල් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

මාළු තොග ගබඩා කර ඇති අධි ශීතකරණ ආශ්‍රිතව මෙම විෂ දුමාරය හටගෙන ඇති බවට සැක කෙරෙන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භූගත ජලය භාවිතයේදී කල්පනාකාරී වන්න . . .

Tue Aug 22 , 2023
වර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වියයුතු බවත් භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කරගත යුතු බවත් ජල සම්පත් මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක පැවසීය. භූගත ජල මට්ටම අඩුවීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x