රට යන අයගෙන් උපාධියේ මුදල අය කරගැනීමට සැරසෙයි . . .

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනයවීමට එකම හේතු වී ඇත්තේ, කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට තුළ රැකියා නොමැතිවීම බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සඳ දෙස ලොවම බලා සිටී . . .

Tue Aug 22 , 2023
මෙතෙක් ගවේෂණය කර නොමැති සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමේ අරමුණින් අභ්‍යවකාශගත කර ඇති “චන්ද්‍රයාන් -3” නමැති ඉන්දීය අභ්‍යවකාශ යානය හෙට සඳ මතට ගොඩ බස්වමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ ප්‍රථම අභ්‍යවකාශ යානය ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය සියලු‍ කටයුතු යොදා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරයි. ”‍චන්ද්‍රයාන් -3 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x