සාගලගේ අත්සන හොරට ගැසූ පොලිස් පරීක්ෂක මාට්ටු . . .

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක ගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකුට ස්ථාන මාරුවීම්ලබා ගැනීමට උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා පනස් පස් හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචි අයෙකි. සාගල රත්නායක ගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂයක පොලිස් නිලධාරීන් 12 දෙදෙනෙකුගේ නම් ලයිස්තුවක් සකස් කර ඔවුනට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට උතුරු මැද පළාත්මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කර තිබිණි යැයි රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඉදිරිපත් කරන ලද මෙම ලේඛනය ගැන ඇති වූ සැකයක් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියට පොලිසියට භාරදී තිබිණි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උප්පැන්නය නැතත් නිසි වයස සම්පූර්ණ කාටත් ජාතික හැඳුනුම්පතක් . . .

Sat Apr 22 , 2023
උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකිව සිටින නිසි වයස සම්පූර්ණ වූ පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් හා වයස 40 ඉක්ම නොවූ පුද්ගලයන් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිත ය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x