උතුරට සුලිසුලං . . .

වව්නියාව , මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්ට පැවති අධික වියලි කාලගුණය අතරතුර ඊයේ (22) දින ඇදහැලුනු වර්ෂාවත් සමග ඇතිවූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස, දේපල හා වගාහානි රැසක් වාර්ථා වී ඇතැයි ප්‍රදේශභාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි.

වව්නියාව ඕලුමඩු සහ නෙඩුන්කේනි ප්‍රදේශයන්ට වර්ෂාවත් සමග ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පවුල් 10 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස මෙන්ම වාගාහානිද වාර්ථා වෙයි. එහිදී නෙඩුන්කේනි ප්‍රදේශයේ වගාකොට තිබූ පැපොල් වගාවක් සම්පූරණයෙන්ම සුලිසුලං හේතුවෙන් විනාශ වී ඇති අතර එහි පැපොල් ගස් 1500 කට ආසන්න ප්‍රමාණයක් විනාහ වී ඇතැයිද වව්නියාව ආපදාකලමනාකරන ඒකකය පැවසීය.

මේ අතර මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයට බලපෑ සුලිසුලං තත්වයක් හේතුවෙන් නිවාස 10 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වීමෙන් එහි වැසියන් පීඩාවන්ට පත්ව ඇතැයි මුලතිව් ආපදාකලමනාකරන ඒකකය පැවසීය.

එමෙන්ම යාපනය වරණි ප්‍රදේශයටද දැඩි වර්ෂාවක් සමගින් ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට මෙන්ම ආගමික ස්ථානයන් වෙතටද දැඩි හානි සිදුව ඇතැයි යාපනය ආපාදාකලමනාකරන ඒකකය පෙන්වා දෙයි. ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්ථා වී නොමැති අතරම පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද ප්‍රදේශ  ආපදාකලමනාකරන ඒකකයන් වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ අවසන් තීරණය . . .

Sun Apr 23 , 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා විධායක සභා රැස්වීමක් පැවැත්වීමට  තීරණය කර තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ, සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x