විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ අවසන් තීරණය . . .

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා විධායක සභා රැස්වීමක් පැවැත්වීමට  තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ, සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවය. කෙසේවෙතත් අනිද්දා දිනයේ රැස් වන විධායක සභා රැස්වීමේ දී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව චාරුදත්‍ත ඉලංගසිංහ පවසයි.

සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ නම් සති දෙකක් තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කිරීමට හැකියාව පවතින බව චාරුදත්‍ත ඉලංගසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ස්වකැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිය 21 දෙනා . . .

Sun Apr 23 , 2023
ස්වකැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිය 21දෙනෙකුගේ මළ සිරුරු කෙන්යාවේ ෂකහෝලා වනාන්තරයේ වළලා තිබියදී, කෙන්යානු පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙලෙස අදාළ මළසිරුරු සොයාගෙන තිබුණේ “කුසගින්නේ මියයාමෙන් ස්වර්ගස්ථ විය හැකි” බවට මතයක් ප්‍රචාරය කළ පූජකවරයෙකු සම්බන්ධයෙන් කළ විමර්ශනයක් අතරතුරය. මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිට තිබුණි. ඊට අමතරව මළ සිරුරු වළලා ඇතැයි සැකකෙරෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x