“ලෙකෝ” සමාගම කොලේ වසා සමාජ ආරක්ෂණ බද්ද අය කරලා . . .

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති.

මහජන ආරක්ෂණ බද්ද මසකට අය කළ හැක්කේ සියයට 2.5 ක් පමණක් වුවද ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලෙන් මහජන ආරක්ෂක බද්ද ලෙස සියයට 5 ක් අය කරගෙන ඇති බවත් එම අය කිරීම නීති විරෝධී බවත් පාරිභෝගිකයෝ කියති.

ලෙකෝ සමාගම එහි පාරිභෝගිකයන්ට කිසිදු පෙර දැනුම් දීමක් නොමැතිව මෙම බද්ද අය කරගෙන ඇති බවද පාරිභෝගිකයෝ වැඩිදුරටත් චෝදනා කරති.

බදු ගෙවන්නාගේ අතපසුවීමකින් තොරව බද්ද අය කර ගැනීමට නොහැකි වූයේ නම් මහජන ආරක්ෂණ බද්ද පසුව අයකර ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව බදු පිළිබඳ විශේෂඥයෝ පවසති.

එවැනි බදු අය කර ගැනීමේ ප්‍රමාදයක් සිදුවූයේ නම් එම බදු ප්‍රමාණය අදාළ ආයතනය විසින් රජයට ගෙවිය යුතු බවද බදු විශේෂඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

එම සමාගම ඊයේ (5) පෙරවරුවේ පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත යොමු කිරීමෙන් පසුව රාත්‍රී 10.00 ද පසු වී පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සමාජ ආරක්ෂණ බද්ද ඉදිරිබිල් වලින් අය කරගන්නා බව පාරිභෝගිකයන් වෙත දුරකථන කෙටි පඩිවිඩයක් ඔස්සේ මෙසේ දැනුම් දී තිබුණි.

එම කෙටි පණිවිඩය පහත දැක්වේ.

“හිතවත් පාරිභෝගිකයනි, 2023 සැප්තැම්බර් මස හඳුන්වා දුන් මහජන ආරක්ෂණ දායකත්වය බද්ද, මසකට පසුව ඔබේ බිල්පත්වලින් අය කිරීම ආරම්භ විය. ඒ අනුව, ලෙකෝ 2023 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක සඳහා මහජන ආරක්ෂණ බද්ද ඔබේ නවතම බිල්පතට ඇතුළත් කරනු ඇත. පැහැදිලි කිරීම් සඳහා කරුණාකර 1910 අමතන්න”

මෙම සමාජ ආරක්ෂණ බද්ද අය කිරීම පිළිබඳව ලෙකෝ සමාගමේ සභාපති අතුල ද සිල්වා ගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල බදු අය කිරීම පිළිබඳ නීතිමය තත්වය ගැන අධ්‍යයනයක් කිරීමෙන් පසුව ප්‍රකාශයක් කළ හැකි බවත් විදුලි බිල සම්බන්ධයෙන් සියලුම තීරණ මහජන උපයෝගීතා කොමිසම හරහා ගන්නා බවත්ය.

මහජන ආරක්ෂණ බද්ද ලෙකෝ සමාගමට දැරිය නොහැකි බවත් එය අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාගෙන් අය කරගත යුතු බවත් අතුල ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙරට ජනගහනය පහලට . . .

Sat Jan 6 , 2024
  ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාවේ පහළ යාමක් සිදුව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉන්ද්‍රාල් ද සිල්වා සඳහන් කරයි. මෙම තත්ත්වය දිගටම පැවැතිය හොත් මෙරට 2027 වසරේ දී ප්‍රක්ෂේපිත ජන සංඛ්‍යාව මිලියන 23.1කට වඩා තරමක් අඩු විය හැකි බවද හෙතෙම පැවසීය. විවාහ වන වයසේ පසුවන තරුණ ප්‍රජාව විදෙස් රටවලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x