පොලී අනුපාත අඩුවන ලකුණු . . .

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී පොලී අනුපාත නැවත අඩු කිරීමක් සිදු විය හැකි බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගියදා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 2 කින් පහළ දැමීමට කටයුතු කළේය. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමිණ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය පිට පිට පහළ දැමූ දෙවැනි වතාව විය.

උද්ධමනය සහ නිමැවුම් පරතරයේ ඉදිරි දැක්ම පදනම් කරගනිමින් ඉදිරියේදී තවදුරටත් පොලි අනුපාත කප්පාදු කිරීමට සිදුවිය හැකි යැයි මහ බැංකු අධිපති වරයා සී.එන්.බී.සී නාලිකාව සමඟ පවසා ඇත. මෙතෙක් ගත් තීරණ නිවැරදි බව මින් පෙනී යන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මුළු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83 ක් බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 41.5 ක් බාහිර ණය බවත් ඉතිරි ඇමෙරිකානු ඩොලර් බිලියන 42.1 ක මුදල දේශීය ණය බවත් සී.එන්.බී.සී නාලිකාව මත පෙන්වා දී ඇත.

මෙම වසරේ අවසන් මාස 6 තුළදී ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා ධනාත්මක මාවතකට පිවිසීමට පොලී අනුපාත කප්පාදු කිරීම කිසියම් අයුරකින් සහායක් ලබා දෙනු ඇති බව විශ්වාස කරන බවත් ලබන වසර පුරාවට ශ්‍රී ලංකාව ධනාත්මක මාවතක සිටිනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබේ.

එසේම ඉදිරියේදී තවත් ආනයන සීමා ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බාන්ස් පෙදෙසේ ඉඩම් කෝලහලය . . .

Sun Jul 9 , 2023
කොළඹ 07 බාන්ස් පෙදෙසේ රුපියල් කෝටි ගණනක් වටිනා දෙමහල් නිවෙසක් සහිත ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කෝලහල කළ දෙපිරිසක 26 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමටගොඩ, කිරුළපොන සහ සෙවනගල ආදි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 – 56 අතර වයසේ පසුවන්නන් බව ද පොලිසිය සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x