සජිත් – ඩලස් හවුල දෙදරයි . . .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවීමට යන නව දේශපාලන සන්ධානය සමඟ එක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ කණ්ඩායම අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තාවෙයි.

කෙසේ වෙතත් එම කණ්ඩායම ආවත් නැතත් නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ දැඩි ස්ථාවරයක සමගි ජන බලවේගය පක්‍ෂය සිටියි.

ඔවුන් සඳහන් කරන්නේ ඩලස් අලහප්පෙරුම මහතා සමඟ සිටින මන්ත්‍රීවරුන් 13 දෙනාගෙන් 09 දෙනකු තම පක්ෂය සමඟ සිටින බවයි.

මේ වන විටත් එම නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කර ඇති අතර මේ වන විට සන්ධානයේ නායකයන් විසින් එය අධ්‍යනය කරමින් සිටින  බව ද  සඳහන් ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනප්‍රිය නිළියක් සියදිවි නසාගනී . . .

Sun Sep 3 , 2023
ඉන්දියාවේ මොලිවුඩ් (මලයාලම්) සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තිරුවානන්තපුරම් ප්‍රදේශයේ ඇයගේ නිවසේ නිදන කාමරය තුළ ගෙල වැලළාගෙන අපර්ණා සියදිවි හානිකර ගෙන ඇති බවය. පසුගිය 31 වැනිදා රාත්‍රී 7.30ට පමණ මෙය සිදුව ඇති බවත් එම අවස්ථාවේ ඇයගේ මව සහ සොහොයුරිය නිවසේ සිට ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x