ස්වකැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිය 21 දෙනා . . .

ස්වකැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිය 21දෙනෙකුගේ මළ සිරුරු කෙන්යාවේ ෂකහෝලා වනාන්තරයේ වළලා තිබියදී, කෙන්යානු පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස අදාළ මළසිරුරු සොයාගෙන තිබුණේ “කුසගින්නේ මියයාමෙන් ස්වර්ගස්ථ විය හැකි” බවට මතයක් ප්‍රචාරය කළ පූජකවරයෙකු සම්බන්ධයෙන් කළ විමර්ශනයක් අතරතුරය. මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිට තිබුණි. ඊට අමතරව මළ සිරුරු වළලා ඇතැයි සැකකෙරෙන තවත් ස්ථාන 58ක් ද හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට දින කිහිපයකට පෙර එම වනාන්තරය ආසන්නයේ සිටියදී, මියයාම වෙනුවෙන් කුසගින්නේ සිටි කතෝලික කල්ලි සාමාජිකයින් 15දෙනෙකු මුදාගැනීමට පොලීසිය සමත් වුණි.

කෙසේ නමුත් ඒ අතරින් සිව්දෙනෙකුද මියගොස් ඇති අතර ගුඩ් නිවුස් නමැති ජාත්‍යන්තර පල්ලියේ පූජකවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ වූයේ ඉන් පසුවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දේශපාලන හිතවතුන්ට අධිවේගී මාර්ග බලපත්‍ර දීලා . . .

Sun Apr 23 , 2023
  දේශපාලන හිතවතුන් සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව අධිවේගී මාර්ග බලපත්‍ර 35ක්  ලබාදීමට කටයුතු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේය. ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති මෙම අධිවේගී මාර්ග බලපත්‍ර හේතුවෙන් රජයට වසරකට රුපියල් කෝටි තුන්සියයකට වඩා පාඩුවක් සිදුවන බවත් විජේරත්න කීවේය. මෙම අධිවේගී මාර්ග බල පත්‍ර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x