ඉන්දු- ඔස්ට්‍රේලියානු භූ තැටිය දෙකඩවීමේ ප්‍රවණතාවක් . . .

ශ්‍රී ලංකාවට කිලෝමීටර 900-1000ක් දුරින් නව භූ තල මායිමක් ඉන්දු- ඔස්ට්‍රේලියානු භූ තැටිය දෙකඩ වෙමින් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් හා ලක්ෂණ පෙන්නුම් කරන බව භූවිද්‍යාඥයන් විශ්වාස කරන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. මෙවැනි දෙයක් සඳහා වසර සිය ගණනක් ගතවන බවද කී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ නව තල මායිමක් නිර්මාණය වීම මඟින් අනාගතයේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව වැඩි වශයෙන් භූමිකම්පා ඇති වීමේ තත්ත්වයක් ඇති විය හැකි බවද කීය.

2020 වර්ෂයේ මෙරට භුකම්පන 16ක්ද 2021 වර්ෂයේ භූ කම්පන 18ක්ද 2022 භූ කම්පන 05ක්ද 2023 මේ වන විට භූකම්පන 09ක්ද සිදු වී තිබේ.

  • උපාලි කරුණාරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පෞද්ගලීකරණය කිරීම හොඳයි . . .

Thu Apr 27 , 2023
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හොඳ දෙයක් බව සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් සඳහන් කරයි. නමුත් එහි තේරුම රාජ්‍ය සේවකයන් පාරට දමා සියලු දේ විකිණීම නොවන බවද හෙතෙම කියා සිටියි. නමුත් රජයක් ලෙස පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාර කිරීම සුදුසු නොවන බවත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් යනුද රටේ ජනතාව බවත් ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x