නැවත වරක් ජල ගාස්තුව වැඩි කරන්න යයි . . .

නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග ප්‍රකාශ කළා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජල ඉල්ලුම 10%කින් පමණ වැඩි වී ඇති බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ විටින් විට වැසි ඇදහැලුන ද පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් අද දිනයේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගී ගාස්තු 25% ඉහල දමයි . . .

Thu Apr 27 , 2023
මෙරට සියලුම අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී අයකරන ගාස්තු 25%කින් ඉහල දමා ඇත. ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ ගාස්තු සංශෝධනය මෙසේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x