ඉඩම් කොමිසමේ ලිපිගොනු අස්ථානගතවේ . . .

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉඩම් අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

2015 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බව කෝප් කමිටුවේ දී අනාවරණයවී ඇත. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම කොමිෂන් සභාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය

වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව දිගින් දිගටම අවධාරණය කර තිබුණ ද 2015 වසරේ අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු මෙතෙක් වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳ කෝප් කමිටු සභාපතිවරයා අප්‍රසාදය පළ කර ඇත

ඉඩම් ලබාදීමේදී නිසි අනුපිළිවෙලක් සකසන ලෙස පසුගිය රැස්වීමේදී නිර්දේශ කළ ද තවමත් එහි කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බව නිරීක්ෂණයවී ඇතැයි කෝප් කමිටුව පවසයි.

  • සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස්පති ධුරයට ලොකු පොරයක් . . .

Sat Apr 29 , 2023
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර  සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. ඒ සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත්තේ පොලිස්පති  චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය ජුනි 26 වැනිදා  අවසන්වීමට නියමිත නිසා බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ඇතැමුන් පොලිස්පති ධුරය ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x