මව්වරුන් අතහැර දමා යන බිළිඳුන්ට රැකවරණ මධ්‍යස්ථාන . . .

මව්වරුන් විසින් අතහැර දමා යන මාස 3 ට අඩු බිළිඳන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විශේෂ රැස්වීමක් පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබුවා.

ඒ අනුව බිළිඳන් රහසිගතව හා සුරක්ෂිතව තබා යාම සඳහා රජයේ රෝහල් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 339 ක කවුලු ස්ථාපිත කිරීම සහ පවත්නා නීතිමය තත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම අතහැර දමා යන බිළිඳුන්ගේ මව්පියන් පිළිබඳ තොරතුරුවල රහස්‍ය භාවය සුරැකෙන ලෙස හෝ යම් ලෙසකින් සටහන් කරගැනීමේ වැඩපිළිවෙලක්ද සකස් විය යුතු බවටද සාකච්ඡා වී ඇති බව සඳහන්.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

IMF ණය ගැනීම වරදක් නෑ . . .

Sat Apr 29 , 2023
වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බව 6 වන විධායක ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඊයේ (අප්‍රේල් 28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ ඔහු මේ බව සඳහන් කළේ ය. තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x