IMF ණය ගැනීම වරදක් නෑ . . .

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බව 6 වන විධායක ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඊයේ (අප්‍රේල් 28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ ඔහු මේ බව සඳහන් කළේ ය.

තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත් මීට වසර 45කට පෙර ද රොනී ද මැල් මුදල් ඇමතිවරයාගේ කාලයේදී පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති බව ත් ඔහු පැවසීය.

නමුත් මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා මුදල් වංචාවෙන්, දූෂණයෙන් තොරව ආයෝජනය කළ යුතු බවත් මීට වසර 20ක් 25ක් තිස්සේ සිදුවී ඇත්තේ මෙලෙස ලබා ගන්නා විදේශ ණය, ප්‍රදාන සහ දේශීය ණය මුදල් පවුල්වාදය තුළ සොරකම් කිරීම බවත් එනිසා අද ඇති වී තිබෙන දුගීභාවය ඇතුළු ප්‍රශ්න රාශීයක් පැන නැගීමට එය හේතුවී ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.

වංචා, දූෂණ ඉවත් කිරීම සඳහා නව විධිවිධාන සහ එම දූෂණ වැළැක්වීමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් කොන්දේසියක් පනවා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගැනීම වැරදි බවට ප්‍රකාශ කරන්නේ ආණ්ඩු නොකරපු පිරිසක් බවත් ආණ්ඩු කරන්න විදේශ මුදල් ලබා ගැනීමට අවශ්‍ය බව ඒ පිරිසටත් ආණ්ඩු බලය ලබා ගත් දවසට තේරුම් යනු ඇති බව ත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ රට තිබුණු තත්වයට ගැනීමට තව වසර 10ක්වත් ගත වනු ඇති බව ත් 2018 රට තිබුණු තැනට යළි ගොඩනැගීමට මේ වන විට උත්සාහ ගනිමින් සිටින බවට ආර්ථික විශේෂඥයින් සඳහන් කළ බව ත් පෙන්වා දුන් ඔහු විශාල සංචාරකයින් පිරිසක් රටට පැමිණිම, මූල්‍ය තත්වය හොඳින් ම කළමණාකරණය කිරීම වැනි කාරණා අතින් 2018 වර්ෂය රටට හිතකර තත්වයක් තිබූ බව ත් කියා සිටියේ ය.

පුද්ගලික කාරණා රාශියක් නිසා තමාට මේ දිනවල පොළොන්නරුවේ ගත කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ බවත් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

අයහපත් කොන්දේසි තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය හැකි බවත් තමා ජනාධිපති ධූරයේ සිටි සමයේත් එලෙස අහිතකර කොන්දේසි ලබා දුන් විට එය සාකච්ඡා කර විසඳා ගත් බව ත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ආණ්ඩුව මුදල් ලබා දීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් තමාව දෙවතාවක් හමුවී සාකච්ඡා කළ බවත් රටට මුදල් ලබා දිය යුතු බවට ඔවුන්ට දැනුම් දුන් බවත් පෙන්වා දුන් ඔහු දූෂණයෙන් වංචාවෙන් තොරව එම මුදල් ආයෝජනය කර දුගී දුප්පත් ජනතාව බේරා ගැනීමට සඳහා යහපත් විධිමත් වැඩපිළිවෙළක් සඳහා වත්මන් රජයට බලපෑමක් ඇති කළ යුතු බව වැඩිදුරටත් පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දේපල සඳහා බදු අයකිරීමක් . . .

Sat Apr 29 , 2023
  දේපල සඳහා වන බදු අයකිරීමක් 2025 වසරේ සිට හඳුන්වාදීමට නියමිතය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි. මෙරට පුද්ගලයන්ගේ දේපළ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආකාරයක දැනුවත්වීමක් රජයට නැති බවද පැවසූ ඔහු රටකට මෙවන් බද්දක් අවශ්‍ය බවද සඳහන් කළේය. 2003 වන විට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x