සල්මාන් ඛාන්ට පාතාලයේ තර්ජන . . .

පාතාලයේ තර්ජන හේතුවෙන් තමා ජීවත්වන්නේ බියෙන් බව ප්‍රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පවසා තිබේ.

මෙසේ ඔහුට මරණ තර්ජන එල්ල වී තිබෙන්නේ, ප්‍රකට පාතාල නායකයකු වන ලෝරන්ස් බිෂ්නෝයි ගෙන්ය. ඒ නිසා සල්මන්ගේ පෞද්ගලික ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත.

ඉන්දීය රූපවාහිනී වැඩසටහනයකට එක්වෙමින් ද සල්මන් තමන්ට එල්ල වී ඇති මේ මරණ තර්ජන මෙන්ම ඒ සඳහා ගෙන තිබෙන ආරක්ෂක පියවර ගැන ද ප්‍රකාශ කළේය.

මෙහිදී සල්මන් ඛාන් විසින්, “මම හැමතැනම යන්නේ පූර්න ආරක්ෂාව සහිතව, මම දන්නවා මම මොන දේ කරත් වෙන්න යන දේ නවත්තන්න බැරි බව. මම දෙවියන් විශ්වාස කරනවා. දැන් මගේ වටේ ආරක්ෂකයෝ ගොඩක් ඉන්නවා. තුවක්කු ගොඩක් මාත් එක්ක යනවා. නමුත් මේ දවස්වල මම බයයි. ආනාරක්ෂිතභාවයට වඩා ආරක්ෂාව හොඳයි. දැන් මට පාරේ බයිසිකලේ පැදගෙන තනියම කොහෙවත් යන්න බැහැ. කොහොම නමුත් මම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ” යනුවන් ප්‍රකාශ කළ සිටියා.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පුහුණුවට විදෙස්ගත වූ වෛද්‍යවරුන් අතුරුදන් . . .

Tue May 2 , 2023
පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නැති බවයි ඔවුන් වැඩිදුරටත් පේනවා දෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ, සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x