ලීනා ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි . . .

සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියක වන “ලීනා ද සිල්වා” මහත්මිය අද දින කැනඩාවේ දී සිය ජීවන ගමන අවසන් කර ඇත.

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඇය ,පාසලේ ඉංග්‍රීසි පන්තියේ දී නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදීකාවට අවතීර්ණවිය.

පාසල් කාලයේ පටන් නර්තනයට ඇලුම් කල ඇය පණීභාරතයන් හා වසන්ත කුමාර යන අයගෙන් නර්තනය ප්‍රගුණකලාය.

ඉන් අනතුරුව ශේෂා පලිහක්කාරයන් ගෙන් වැඩිදුර නැටුම් ඉගෙන ගත් ,අතර එතුමාගේ යොමු කිරීමෙන් 1955 තිරගත වූ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ ‘ලංකා මාතා‘ ගීතමය ජවනිකාවට නර්තනයක් ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට පිවිසීමට ලීනා ද සිල්වා නම් ළාබාල තරුණියට හැකිවිය.

ඉන් පසුව ආරියදාස පිරීස් මහතා විසින් සිරිල් පී. අබේරත්නයන් ට ඇයගේ ඡායාරූපයක් ලබා දීම හරහා 1956 තිරගත වූ “සුරතලී” චිත්‍රපටයේ සුරතලිය ලෙස ප්‍රධාන චරිතය රඟපාමින් අතිශය ජනප්‍රසාදයට පත් විය.

ඊට අමතරව සොහොයුරෝ, සුනීතා, සුන්දර බිරිඳ , සුලලිත සෝබනී,නලගන , සුජාගේ රහස, අමතක වුණාද, රන්රස ඇය රගපෑ ජනප්‍රිය චිත්‍රපට විය. ජනප්‍රියත්වය ඉහළින් ම රැදී කාලයේ දී රවීන්ද්‍ර රූපසේනයන් සමග විවාහ වු ලීනා ද සිල්වා දරුවන් දෙදෙනෙකුගේ මවක විය.

1978 දී  සිය ස්වාමියාගේ අභාවයත් සමග නැවත වරක් ඇය සිනමාවට අවතීර්ණ වූයේ  ‘ගඟ අද්දර’ (1980), චිත්‍රපටයේ වසන්ති චතුරානිගේ මව ලෙස රඟපාමිනි  එතැන් සිට ‘වාලම්පූරි’, ‘ආරාධනා ‘, ‘සාරංගා’ (1981), ‘යස ඉසුරු’, ‘කිරි සුවඳ’, ‘කැලෑ මල්’, ‘පාදෛ මාරිය පරුවන්ගල්’, ‘මලට නොඑන බඹරු’, ‘පාරමිතා’, ‘යහළු යෙහෙළි‘ (1982), ‘කලියුගය’, ‘සමනල සිහින’ (1983), ‘හිතවතිය’ (1984), ‘ආදර කතාව‘, ‘වාසිටි කෙල්ල’, ‘කිරි මදු වල්’, (1985), ‘දුශ්‍යන්ති’, ‘කොටි වලිගය’, ‘සිංහ පැටවු’, ‘දිනුම’ (1986), ‘චණ්ඩියන්ගෙත් චණ්ඩියා’ (1986), ‘බදුලු කෝච්චිය’, ‘සෙබළියෝ’ (1989), ‘තණ්හා ආශා’, ‘වීර උදාර’ (1990), රජ කෙල්ලෝ’, (1991), ‘රජ දරුවෝ’ (1992) ‘ශර්මිලාවින් ඉදය රාගම් (1993), ‘සුජාතා’ (1994), ‘අවරගිර’ ‘සීමා පවුරු’ (1996), ‘අනුරාගයේ අනන්තය’ (2000), ‘පොරොන්දුව‘ (2001)  යන චිත්‍රපටවල රඟපෑවාය. සිනමාව පමණක් නොව, වේදිකාව හා ටෙලිනළුවේ ද රංගනයෙන් දායක වූ ලිනා ද සිල්වා මහත්මිය මෙරට සිංහල සිනමාවේ අපූර්ව සොයා ගැනීමකි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිවයිනේ ප්‍රථම කේබල් කාර් සේවය . . .

Fri Dec 1 , 2023
අම්බුළුවාව කඳු මුදුනට යාමට බහු සංස්කෘතික ජෛව විවිධතා සංකීර්ණය කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සහ චීන ජාතික යාන්ත්‍රික ආයතනය සමග ගිවිසුම්ගත වී තිබේ. අම්බුළුවාව බහු සංස්කෘතික මධ්‍යස්ථානය, ඇම්බර් ඇඩ්වෙන්චර්ස් ශ්‍රී ලාංකික සමාගම සහ චීන ආයෝජකයන් සමකොටස් අයිතිය ඇතිව මෙම ආයෝජනය සිදුකරන බවත් ආයෝජනයේ වටිනාකම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x