ප්‍රවීණ ගී පද රචක සහ ගායන ශිල්පී බන්දුල විජේවීර කලා ශිල්පියාණන්ට දිගාසිරි පතා අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජික කලා ශිල්පීන් සහ ප්‍රදේශයේ කලාකරුවන් එක්ව බන්දුල විජේවීර මහතාගේ නිවසට පුරාණ චාරිත්‍රානුකූල සිරිතට අනුව අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට නෑගම් යාම සිදු කෙරිණි. එහිදී සංස්කෘතික බල මණ්ඩලයට අයත් සාමාජික […]

ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක 83 වැනි වියේ පසු වූ අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී තිබේ. උන්වහන්සේ, මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත. යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන […]

අම්බුළුවාව කඳු මුදුනට යාමට බහු සංස්කෘතික ජෛව විවිධතා සංකීර්ණය කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සහ චීන ජාතික යාන්ත්‍රික ආයතනය සමග ගිවිසුම්ගත වී තිබේ. අම්බුළුවාව බහු සංස්කෘතික මධ්‍යස්ථානය, ඇම්බර් ඇඩ්වෙන්චර්ස් ශ්‍රී ලාංකික සමාගම සහ චීන ආයෝජකයන් සමකොටස් අයිතිය ඇතිව මෙම ආයෝජනය සිදුකරන බවත් ආයෝජනයේ වටිනාකම […]

සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගවේදිනියක වන “ලීනා ද සිල්වා” මහත්මිය අද දින කැනඩාවේ දී සිය ජීවන ගමන අවසන් කර ඇත. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඇය ,පාසලේ ඉංග්‍රීසි පන්තියේ දී නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාමින් ප්‍රසිද්ධ වේදීකාවට අවතීර්ණවිය. පාසල් කාලයේ පටන් නර්තනයට ඇලුම් කල ඇය පණීභාරතයන් හා වසන්ත කුමාර යන අයගෙන් […]

කඳාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 75,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි. සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්‍රදේශයේදීය. කඳාන ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයක් කිසිදු බාධාවක් තොරව පවත්වාගෙන යාම සඳහා අවකාශ […]

ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ. වේයන්ගොඩ කටුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ මෙසේ ඝාතනය වී ඇත්තේ මහේෂ් මුණසිංහ නැමති කැමරා ශිල්පියෙකි. එම නිවස හිමිකාර යුවල විසින් හෝටලයක් සහ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් තිබේ. මෙම ඝාතනය සිදුවී ඇත්තේ මහේෂ් මුණසිංහ එම හෝටලයට පැමිණි අවස්ථාවේදීය. පොලිසිය විසින් මරණයට සැකපිට නිවස හිමි යුවළ […]

වසර දෙකක සිට අක්‍රියව පවතින විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම අද (01) ආරම්භ කරන බව ගූගල් සමාගම නිවේදනය කළා. ඒ අනුව, මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරි නොවන විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම මෙහිදී සිදුවන බවත්, එලෙස මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීමේ පණිවුඩ කිහිපයක් යොමුකර ඇති බව සඳහන්. ඒවා යළි සක්‍රිය […]

දේවගැති ජෙරම් ප්‍රනාන්දු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසයි. dinamina

රාජය ඇමති ඩයනා ගමගේ පාර්ලිමේන්තු කොරිඩොවකදී තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු සමග ගැටුම් ඇති කරගැනීම සම්බන්ධයෙන් එම තිදෙනාගේම පාර්ලිමේන්තු පැමිණිම මාසයකට තහනම් කර තිබේ. මෙම තහනම සිදු කර තිබෙන්නේ අදාල ගැටුම සම්බන්ධයෙන් පත් කළ විනය කමිටුව මගිනි. චමල් රාජපක්ෂ එහි සභාපති ලෙස ක්‍රියා කළ අතර මෙම ගැටුමට සම්බන්ධ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු […]

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.  ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව ඔහු පව්සායි. ශ්‍රී ලංකා සුරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.