අවසරකින් තොරව බොරතෙල් සැපයුම්කරු මාරු කරයි . . .

ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරකින් තොරව වෙනත් සමාගමකට බොරතෙල් සැපයීමේ අවස්ථාව දී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම දෙවැනි සමාගමෙන් බොරතෙල් ලබාගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරයි.

අදාල දෙවැනි සමාගමෙන් බොරතෙල් මිලදීගැනීමට නීතිපතිවරයා සහ බොරතෙල් මිලදී ගැනීමේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව විරෝධය දක්වා ඇති බවත් එම දෙවැනි සමාගමෙන් බොරතෙල් මිලදීගැනීමට ඛනිජ තෙල් අමාත්‍යංශය නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් වෘත්තීය සමිති හෙළි කරයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි සමාගමට මෙම වසරේ පළමු මාස හතරේ බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය පිරිනමා තිබූ බව කියන වෘත්තිය සමිති පසුගිය මාර්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බොරතෙල් නැව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේම ‘පොන්ටස් ටේ්‍රඩින්’ නැමැති සමාගමකින් සපයා ඇති බව ද සඳහන් කරයි.

බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම හැර වෙනත් සමාගමකින් බොරතෙල් මිලදීගැනීම නීතිවිරෝධී බව කියන වෘත්තිය සමිති පවසන්නේ අදාල කොරල් එනර්ජි සමාගම වෙනත් සමාගමකට බොරතෙල් සැපයුම මාරු කිරීමට ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා තිබුණ ද අවසර නොලැබුණු බවත්ය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොල් වතුරට ඉහළ ඉල්ලුමක් . . .

Wed May 3 , 2023
අප විසින් දෛනිකව ඉවත දමන පොල් වතුර සහ තැඹිළි වතුර සඳහා විදෙස් වෙළෙඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මේ වන විටත් තැඹිළි වතුර අපනයන ක්‍රියාවලිය මෙරටදී සාර්ථකව සිදුවන නමුත්, පොල් වතුර ඇසුරුම්කරණය සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමුව නොමැත. මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් ගෘහස්ථ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x