පොල් වතුරට ඉහළ ඉල්ලුමක් . . .

අප විසින් දෛනිකව ඉවත දමන පොල් වතුර සහ තැඹිළි වතුර සඳහා විදෙස් වෙළෙඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

මේ වන විටත් තැඹිළි වතුර අපනයන ක්‍රියාවලිය මෙරටදී සාර්ථකව සිදුවන නමුත්, පොල් වතුර ඇසුරුම්කරණය සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමුව නොමැත.

මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් ගෘහස්ථ පරිභෝජනය හැරුණු කොට පොල් ගෙඩි වැඩි ප්‍රමාණයක් කොප්පරා සහ දිසිඳි පොල් නිෂ්පාදන කර්මාන්තය සඳහා භාවිතා කෙරේ. එමගින් පොල් වතුර විශාල ප්‍රමාණයක් අපතේ යන බව පොල් පර්යේෂණ ආයතනය හඳුනාගෙන ඇත.

විදෙස් වෙළෙඳපොළේදී පොල් වතුර ශක්ති ජනක පානයක් ලෙස අලෙවි වන අතර, පොල් වතුර ලීටරයක් අඩංගු ඇසුරුමක් විදෙස් වෙළෙඳපොලේදී ඇමරිකානු ඩොලර් 4-5 අතර මිලකට අලෙවි කෙරේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ද ඇතැම් වෙළෙඳසල්වල පොල් වතුර අලෙවි කරන අතර, මෙරටදී පොල් වතුර වීදුරුවක් අලෙවි කරන්නේ රුපියල් 30-40ත් අතර අතර මිලකටය.

එබැවින් පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ ප්‍රයෝජනයට නොගෙන විසිකරනු ලබන පොල් වතුර ඇසුරුම්කරණය මගින් විදේශ විනිමය ඉපැයීමේ අවස්ථාව පවතින බවයි. තවද ඇසුරුම්කරණයේ සිට අපනයන වෙළෙඳපළ වෙත ගමන් කිරීමට අවශ්‍ය දැනුම සිය ආයතනය මේ වන විටත් ලබාදෙන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

  • නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය රංගන ශිල්පි මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි . . .

Wed May 3 , 2023
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඔහු මියයන විට 69 හැවිරිදි වියේ පසුවුණි. ඔහු චිත්‍රපටි 40ක්, රූපවාහිනී ටෙලිනාට්‍ය 16ක්, රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබේ. අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x