වාහන ආදායම් බලපත‍්‍ර අන්තර්ජාලයෙන් ගෙදරටම . . .

රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මක වේ.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන්ම තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකම (eRL) වැඩසටහන යටතේ ලබා දී තිබීම විශේෂත්වයක්. මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ් මඟින් කළ හැකි අතර ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඉ-මේල් ලිපිනය ඔස්සේ ඔබට ලැබේ.

ස්ථීර ආදායම් බලපත්‍රය දින කීපයකින් ලියාපදිංචි තැපෑලෙන් ඔබගේ නිවසට ලැබෙනු ඇත. දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද මෙම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකි අතර ලංකා රාජ්‍ය ජාලය (Lanka Goverment Network ) සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Goverment Cloud ) යන යටිතල පහසුකම් පද්ධති මඟින් එය බල ගන්වා ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරන්නේ, මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් පහසුකම් එක් කිරීමට නියමිත බවයි.

ඒ අනුව දැනටමත් තම වාහනය ලියාපදිංචි කර තිබෙන්නේ කුමන පළාතක වුවත්, ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් එය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. තව ද වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ස්කෑන් කිරීමට පියවර ගැනීම නිසා එම කටයුතු කඩිනමින් නිම කිරීමේ හැකියාව ලැබී ඇත.

මේ නිසා කඩදාසි භාවිතය අවම වීමට, වියදම් අවම වීමට සහ හරිත පරිසරය සුරැකීමට ඉවහල් වී ඇත.

දිවයිනේ සමස්ත පළාත් නමය මඟින් නිකුත් කර තිබෙන වාර්ෂික සාමාන්‍ය වාහන ආදායම් බලපත් ගණන මිලියන 5.5ක් ඉක්මවා ඇති අතර එයින් උපයා ඇති ආදායම බිලියන 10ක් ඉක්මවා ඇත.

– ICTA

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාන් පිටි මිල ඉහළට . . .

Wed May 3 , 2023
පිටිවල තොග මිල ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පී.එම්. අබේසේකර පවසනවා. ඒ, තිරිගු පිටි කිලෝ ග්‍රෑම් එකක ආනයන බද්ද රුපියල් දහතුනකින් (රු 13/=) ඉහළ දැමීම හේතුවෙන්. පසුගිය ප්‍රේල් 29 දින මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගර ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර නිකුත් කළ චක්‍රලේඛයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x