ගුවන් ගමන්වලට බාධා . . .

ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම  ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය .

සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුවද , දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වී සිටින්නේ ගුවන් යානා 20 ක් පමණක් බව ද එම ප්‍රකාශකවරයා පැවසීය .

එහෙත් තවත් ඒ.- 330 සහ ඒ.- 320 ගුවන් යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා යොමු කර පවතින අතර තවත් ඒ.- 320 නියෝ කාණ්ඩයේ ගුවන් යානා දෙකක් , ප්‍රංශයේ එයා බස් සමාගමේ සිට නව ඇංජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත් කර ගාල් කර පවතින බව ද හෙතෙම පැවසීය .

මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත 30 දෙනකු පමණ ඉන් ඉවත් වී , විදේශීය ගුවන් සේවා වෙත ගොස් ඇති බැවින් දැනට ඉතිරි සේවකයින්ගෙන් අවශ්‍ය වැඩ කටයුතු ආවරණය කර ගන්නා බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

පකිස්තානයේ ලාහෝර් , ඉන්දියාවේ චෙන්නායි සහ බංග්ලාදේශයේ ඩකා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාද වීම්වලට ලක් වී තිබුණි .

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරායේ හිරවූ කෑම කන්ටේනර් . . .

Thu Sep 28 , 2023
ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් එම ද්‍රව්‍ය විනාශවීමේ අවදානමක් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙසේ ප්‍රමාදවී ඇතැයි පැවසෙන්නේ එම භාණ්ඩ නිදහස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x