ගංවතුරින් 176 ක් ජීවිතක්ෂයට . . .

දකුණු කිවු පළාතේ ආණ්ඩුකාරවරයා සහ බලධාරීන් විසින් ලබා දුන් තාවකාලික තක්සේරුවකට අනුව, නැගෙනහිර කොංගෝවේ හදිසි ගංවතුර සහ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති අතර, 100 ක් පමණ තවමත් අතුරුදහන් ව තිබෙනවා.

ගංගාවල ඉවුරු බිඳියි ගොස් ඇති බවත්,  විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද බලධාරීහු වාර්තා කළහ. දකුණු Kivu ආණ්ඩුකාර තියෝ සිය ගිණුමෙත් ට්විටර් සටහනක් තබමින්, තමා එම ප්‍රදේශ බැලීමට ගිය බවත් පළාත් රජය වෛද්‍ය, නවාතැන් සහ ආහාර සැපයුම් යවා ඇති බවත් සඳහන් කරනවා.

විපතට පත් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග කිහිපයක් වර්ෂාවත් සමඟ ගමනාගමනයට නොහැකි තත්ත්වයට පත්වී ඇති අතර සහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. මියගිය පුද්ගලයින්ට ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි සඳුදා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර මධ්‍යම රජය අර්බුද කළමනාකරණ කණ්ඩායමක් දකුණු කිවු වෙත යවා පළාත් රජයට සහාය දක්වයි.

පසුගිය දිනවල ඇදහැලෙන අධික වර්ෂාවෙන් නැගෙනහිර අප්‍රිකාවේ දහස් ගණනකට දුක්ඛිත තත්ත්වයන් ඇති වූ අතර උගන්ඩාවේ සහ කෙන්යාවේ සමහර ප්‍රදේශවලට ද අධික වර්ෂාපතනයක් දක්නට ලැබේ. කොංගෝවට මායිම්ව පිහිටි රුවන්ඩාවේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ සතිය මුලදී පුද්ගලයන් 129 දෙනෙකු මිය ගියහ.

මූලාශ්රය – ඇසෝසියේටඩ් ප්රෙස්

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැතිවරණ කොමිසම අවසන් . . .

Sun May 7 , 2023
ඉදිරි සතියේ දී නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු සූදානම් වෙමින්  පවතී. කොමිෂන් සභා සියල්ලටම නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්ත යටතේ මෙම පත් කිරීම් ද සිදු කිරීමට නියමිතය. කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කටයුතු කළ යුතු වුව පලාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x