ටාටා සමාගමත් කුරුමානම් අල්ලයි . . .

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බවත් එම සාකච්ඡා ආරම්භ අවස්ථාවේ ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ‘ටාටා සමාගම’ එයාර් ඉන්දියා සමාගම ඇතුළු ගුවන් සමාගම් කීපයක ව්‍යාපාර කටයුතු මේ වන විටත් පවත්වාගෙන යන බවත් එම සමාගම ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව අවදානයෙන් පසු වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉදිරියෙන්ම සිටින අතර එම සමාගම ප්‍රතිවූ්‍යහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනවාර්ගික ගැටුම්වලින් ඉන්දියාව ඇවිලෙයි . . .

Mon May 8 , 2023
ඊසාන දිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම්වලින් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මැර කණ්ඩායම් විසින් නිවාස, වාහන, පල්ලි සහ පන්සල්වලට ප්‍රහාර එල්ල කරන බව එරට බලධාරීහු සඳහන් කළේ ය. ඒ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම්වලට එරෙහිව ආදිවාසී ප්‍රජාවන් විරෝධතා රැලියක් පැවැත්වීමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x