ඉඩම් පනත් වහා සංශෝධනයට . . .

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

තවමත් රටෙි ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව කීය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

චාමර ගුණසේකර ඉන්නේ එංගලන්තයේ . . .

Thu May 11 , 2023
තමන් විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට ප්‍රකාශකලේ Xpress Pearl නැව් අනතුරට අදාල සමාගමෙන් ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා ගෙන එය බැර කරගෙන ඇත්තේ බහමාස් දූපතේ බැංකු ගිණුමකට ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කරයි. චාමර ගුණසේකර නම් පුද්ගලයා එක්සත් රාජධානියේ වෙසෙන බවත් එම මුදල බැර කර ඇත්තේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x