නිශ්චිත බස් නැවතුම් ස්ථාන ස්ථාපිත කෙරේ . . .

අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පවසයි. එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

මගීන් බස් රථයට ගොඩකරගැනීම සම්බන්ධයෙන් දුර ගමන් සේවා බස් රථ සහ කෙටි දුර බස් රථ අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වීමට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ඔහු පව්සායි.

ඒ සඳහා 2019 වසරේ අනුමැතිය ලැබී තිබූ නව සංඥාාවක් සහිත පුවරු මේ වන විට සවි කරමින් ඇති බව ද සඳහන් කළේය.

අන්තර් පළාත් බස් රථ නැවතුම්පොළවල් ලෙස කොළඹ සිට ගිංතොට දක්වා ස්ථාන 37 ක් හදුනාගෙන එම ස්ථානවල මාර්ග දෙපස නව පුවරු සවිකර ඇති බවත් සාමාන්‍ය බස් නැවතුමේ ලාංඡනය වන කළු පැහැති බස් රථය සහිත සංඥාා පුවරුව තිබෙන ස්ථානවල අන්තර් පළාත් බස් රථ නැවැත්විය නොහැකි බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න පැවසුවේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හිටපු කතානායක බාකීර් මාකාර් . . .

Fri May 12 , 2023
හිටපු කතානායක අල්හාජ් ඇම්. ඒ. බාකීර් මාකාර් මහතාගේ 106 වැනි ජන්ම දින ගුණ සැමරුම අද 12 වැනිදා සිකුරාදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජාති-ආගම් භේදයකින් තොරව මේ ශ්‍රී ලංකාද්වීපයේ ජාතික සමගිය ඇති කිරීම සඳහා උදාර මෙහෙවරක් කළ හිටපු කතානායක ඇම්.ඒ. බාකීර් මාකාර් මහතා ජන්ම ලාභය ලැබුවේ වර්ෂ 1917 මැයි 12 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x