මුල්ලිවයික්කාල් යුදසැමරුම . . .

අවසන් යුද්දයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් 14 වන යුදසැමරුම අද (18) දින මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි යුදසැමරුම් ස්මාර්ක භූමියේදී සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි.

මීට වසර 14 කට පෙර පැවති අවසන් යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාර්කය අසලදී  සැමරුම් උත්සවය පැවත්වුණි.

වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ ප්‍රධාන ගිනිසිලුව අවසන් යුද්දයේදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචිව සිටියදී මිය ගිය අයෙකුගේ ඥාතීන් හා ආගමික නායකයින් අතින් දැල්වූ අතර පසුව රැස්ව සිටි විශාල ජනතාවක් ගිනිසිලුව වෙතට පුෂ්පෝපහාර දක්වා පහන් දැල්වා ශෝකය පලකොට සිටියහ.

මෙහිදී උත්සව අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා අවසන් යුද්දයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා කොට භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කරන ලදි.

මෙම යුදසැමරුම් අවස්ථාවට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක ජනතා නියෝතියන් රැසක්ද සහභාගී වී සිටියහ.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නියමාකාරව දැනුවත්වී ඖෂධ ලබා ගන්න . . .

Thu May 18 , 2023
ඩෙංගු උණ නිසා ඇතිවන තද උණ රෝගී තත්ත්වය , අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාරයක් විදිහට සමහර පුද්ගලයින් පැරසිටමෝල් වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs – ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. මෙය ඉතාමත් දරුණු වරදක් වන අතර දැනට පවතින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x