රට යාම තහනම් . . .

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම අනිවාර්ය කර තිබෙනවා. ඒ සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් ලිඛිතව දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ආකාරයෙන් ඉරි තුනේ නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමේ දීය.

මෙම විශේෂ දැනුම් දීම ඇති කාලසීමාවේදී මන්ත්‍රීවරුන්ට විදේශගත වීම තාවකාලිකව තහනම් වන අතර එම කාලසීමාවේදී මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ඊටද හේතු දැක්විය යුතු වනවා.

එළැඹෙන 24 වැනිදා එනම් අනිද්දා දිනයේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබීමද විශේෂත්වයක්.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විවාදය නැරඹීමට පවුලටම අවස්ථාව ලබා දෙන්න . . .

Mon May 22 , 2023
තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගන්නා දින එය දැක ගැනීම සඳහා තමන්ටත් තම දරුවන්ටත් අවස්ථාව ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමාට මහජන ගැලරියේ ිසිට එම විවාදය නැරඹීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x