විවාදය නැරඹීමට පවුලටම අවස්ථාව ලබා දෙන්න . . .

තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගන්නා දින එය දැක ගැනීම සඳහා තමන්ටත් තම දරුවන්ටත් අවස්ථාව ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමාට මහජන ගැලරියේ ිසිට එම විවාදය නැරඹීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව එළඹෙන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු ට පසුගියදා ඉදිරිපත් කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජෙරොම් ප්‍රනාන්දු සමාව ඉල්ලයි . . .

Mon May 22 , 2023
තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බව ජෙරොම් ප්‍රනාන්දු සඳහන් කළේ ය. ඒ ඊයේ (21) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ය. ඔහු කළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x