ණයට අරන් පඩි ගෙවන ටෙලිකොම් . . .

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පාඩු ලබන රාජ්‍ය ආයතනයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි. ඇතැමුන් මෙය ලාභ ලබන ආයතනයක් යැයි කියූවත් එහි සේවකයන්ගේ පඩි ගෙවීමට බැංකු අයිරා පවා ලබා ගන්නා බවද තවත් සමාගම් සඳහා විශාල ණය මුදලක්ද ගෙවිය යුතුව ඇති බවද හෙතෙම පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඇතැම් රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් රුපියල් ලක්ෂ 40 ක පමණ වැටුපක් ලබා ගන්නා බවද පැවසූ ඔහු මේවාට වන්දි ගෙවන්න මහජන නියෝජිතයන්ගෙන් ජනතාව ගුටි කන බව ද කියා සිටියේය. රාජ්‍ය ව්‍යාපාර අතහැර ඉන් ඉවත් විය යුතු බව ද මන්ත්‍රීවරයා තවදුරටත් එහිදී පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලෝකයේ විශාලතම තොල් හිමි කත . . .

Fri Nov 18 , 2022
බල්ගේරියාවේ Andrea Ivanova හට ඇගේ තොල් ලෝකයේ විශාලතම තොල් බවට පත් කිරීමට අවශ්‍ය විය. මේ සඳහා ඇය තොල්වල ප්‍රමාණය 32 වතාවක් පොම්ප කර විශාල කර ඇති අතර මෙයට ශ්‍රී ලංකා වටිනාකමින් රුපියල් ලක්ෂ 35 ක් පමණ වැය කර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ “මට අවශ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x