පාඩු ලබන තැපෑල ඩිජිටල් කරයි . . .

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව වර්ෂයකට මිලියන 7000ක් විතර දිගටම පාඩු ලබපු ආයතනයක් වන නමුත් තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන පැත්තට හැරවීමට දැන් හැකි වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වසර අවසානයේ බිලියන 7 පාඩුව බිලියන 4 දක්වා අඩුකර ලබන අවුරුද්ද වන විට එය පාඩු නොලබන තත්වයට ගෙන ඒමට අවශ්‍ය සැලසුමත් මේ වන විට  සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

  • aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අරවින්ද ද සිල්වාට ICCයෙන් විශේෂ අවස්ථාවක් . . .

Fri Nov 10 , 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිතයි. මීට පෙර මේ සඳහා ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x