කාන්තාවන් අලෙවිකරන ස්ථානයක් වටලයි . . .

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර ආයතනයේ හිමිකරු, වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයකු සහ ගණිකා වෘත්තීයේ නියැලීමට සූදානමින් සිටි කතුන් දෙදෙනෙකු වන බව පොලිසිය කියයි. එම කාන්තාවන් දෙදෙනා අගලවත්ත සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

උපාය දූතයෙකු යොදා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම වැටලීම සිදුකළ බවපොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට කටයුතු කෙරේ . . .

Tue May 23 , 2023
මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට අවධානය යොමුවී තිබේ. විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ උපදෙස් ලබාදී ඇත. ඒ අදාළ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x