විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට කටයුතු කෙරේ . . .

මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට අවධානය යොමුවී තිබේ. විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ උපදෙස් ලබාදී ඇත.

ඒ අදාළ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි ගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

විශ්‍රාම වැටුප ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව සඳහන් කළ සභාපතිවරයා මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක් බවත් ඒ පිළිබඳ පැමිණිලි නිතර ලැබෙන බවත් පැවසීය. මෙම කරුණු සාකච්ඡා කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවා තිබුණි.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවය. බොහෝ ගැටළු මතු වන්නේ අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොවීම හේතුවෙන් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

සාමාජික මන්ත්‍රීවරයින් සඳහන් කළේ, සිය විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු දැනගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව තුළ බලවත් කළකිරිමක් පවතින බවය. ඒ නිසා මෙම ක්‍රමවේදය නවීන තාක්ෂණයද උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සැලසෙන අයුරින් සැකසිය යුතු බවද මන්ත්‍රීවරුන් පැවසීය.

එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම විශ්‍රාම වැටුප් සම්බන්ධව කටයුතු කිරීම සඳහා උපාධිධාරී නිලධාරියෙක් පත් කිරීමට යෝජනා කරන ලෙසද මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.

මෙහිදී ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ විශ්‍රාමිකයන්ගේ සංගම් කමිටුව වෙත කැඳවා ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සුදුසු බව සාමාජික මන්ත්‍රීවරයින් විසින් වැඩිදුරටත් යෝජනා කර ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තුව ඉහළට . . .

Tue May 23 , 2023
ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළ දමමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ අවුරුදු 15ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 200ක් දක්වා ඉහළ දමා ඇති අතර වයස අවුරුදු 12ට අඩු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x