ආසියාවේ දුප්පත්ම රටවල් අතරට ශ්‍රී ලංකාවත් . . .

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. ඒ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ය.

2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත. ශ්‍රී ලංකාවේ 2021 වසරේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 5,555 ක් වේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වැනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී ඇති අතර 2021 වසරේ එහි ඒ පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 ක් වන අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව ඇත.

ඒ එම රටවල ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානය මොංගෝලියාවට හිමි වී ඇති අතර එහි 2021 වසරේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 ක් වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුලි බිලට ලොකු සහනයක් . . .

Wed May 24 , 2023
ඒකක බින්දුවේ සිට 30 දක්වා  විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට  වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට  සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී  අද (24) පැවසීය. එසේම සියයට 31 සිට  හැට  දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x