විදුලි බිලට ලොකු සහනයක් . . .

ඒකක බින්දුවේ සිට 30 දක්වා  විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට  වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට  සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී  අද (24) පැවසීය.

එසේම සියයට 31 සිට  හැට  දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ස්ථාවර ගාස්තුව රුපියල් හාරසියය රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද  සඳහන් කළේය.

හෝටල්  ක්ෂේත්‍රයේ විදුලි බිල අවමය  සියයට  29 – 40 දක්වා  අඩු කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කීවේය.
විජේසේකර මෙසේ පැවසූවේ  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක  එම තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න

 


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලි සබ්‍රි ලක්‍ෂ 75 දඩය ගෙවා පාර්ලිමේන්තුවටත් යයි . . .

Wed May 24 , 2023
නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි.  රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහ ඡංගම දුරකතන 91ක් ඔහුගේ ගමන් බෑගයේ තිබී හමු වූ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x