මගී යාත්‍රාවක් අනතුරට ලක්වේ . . .

යාපනය නෙඩුන්තීව් දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මගී යාත්‍රාවක් මුහුදෙන් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පසුව නාවික හමුදාව සහ ප්‍රදේශයේ ධීවර යාත්‍රා මගින් අනතුරට පත් යාත්‍රාවේ මගීන් බෙරාගෙන ඇත.

නෙඩුන්තීවු සිට සමුද්‍රෙද්වි නැමති මගී යාත්‍රාව ඊයේ දින කූරිකඩ්ඩුවාන් සඳහා පිටත්ව ඇති අතර අතරමැද මුහුදු සීමාවේදී  අදාල මගී යාත්‍රාවේ සුක්කානම අක්‍රීය වී ධාවනය නැවතී ඇති අතර එහිදී මගීන් යාත්‍රාව ගිලීමට යන්නේ යැයි නොසන්සුනවී ඇත.

පසුව අදල යාත්‍රාව මගින් අසල සිටි ධීවර යාත්‍රා වෙතට සන්නිවේදනය මගින් සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව නාවික හමුදාවටද දැනුම් දී නාවික හමුදාවේද සහය ඇතිව අනතුරට පත් යාත්‍රාෙව් සිටි 70 ක් පමණ මගීන් නැවත කූරිකඩ්ඩුවාන් ජැටියටම රැගෙන ඒමට කටයුතු කරන ලදි.

අදාල ගමනට විදෙස් ජාතිකයින්ද සහභාගී වී ඇති අතර අනතුරට පත් යාත්‍රාෙව් අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටද වාර්ථා වෙයි.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි . . .

Wed May 24 , 2023
ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් ඡන්දය භාවිත කර තිබේ. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන ඒමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් ඊයේ (23) රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු ඔහු අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x